රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවෙන් අපේක්ෂිත විසඳුම් නොලැබුණු බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. ආචාර්යවරුන්ගේ හිඟය, නවක සිසුන් බඳවාගැනීම සහ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින අනෙකුත් ගැටලු පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව FUTA සඳහන් කරයි.
විශ්වවිද්‍යාලවල ආචාර්ය හිඟය හේතුවෙන් නවක සිසුන් බඳවාගැනීම තවදුරටත් ප්‍රමාද විය හැකි බවට තමන්ට හැඟී ගිය බව FUTA සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මීට පෙර ජනාධිපතිවරයා සමඟද විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු සම්බන්ධයෙන් FUTA සාකච්ඡා පවත්වා තිබේ.
මේ අතර ගැටලු සඳහා ප්‍රමාණවත් විසඳුම් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව FUTA ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි. විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදෙන ලෙස FUTA රජයෙන් ඉල්ලා සිටී.













