විනිසුරුවරුන් ඇතුළු අදාළ අධිකරණ නිලධාරීන් ආදායම් බද්දට යටත් වන අතර ඔවුන්ගේ වේතනවලින් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු හෙවත් APIT අඩු කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අදාළ බදු අයකිරීමට එරෙහිව අධිකරණ නිලධාරීන් නියෝජනය කරන සංගම් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා තුනක් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.
සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ සේවා නියුක්ති ආදායමෙන් APIT අඩු කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර, අදාළ අධිකරණ නිලධාරීන්ගේ වේතනවලින්ද එම බද්ද අඩු කළ හැකි බව මෙම තීන්දුවෙන් තහවුරු කර තිබේ.













