2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තවදුරටත් මහජනතාවගෙන් තැන්පතු භාර නොගන්නා ලෙස නියෝග කර තිබේ.
මහ බැංකුවට අනුව 2019 සිට 2022 දක්වා කාලය තුළ පොරොන්දු පත්‍ර නිකුත් කිරීම සහ ණය ගිවිසුම්වලට එළඹීම මගින් අදාළ පුද්ගලයා තැන්පතු භාරගෙන තිබේ. මුදල් ව්‍යාපාර පනතේ 42 වගන්තිය යටතේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මහ බැංකුව 2026 ජූලි 15 දින මේ සම්බන්ධයෙන් තීරණය කර ඇත.
ඒ අනුව ණය ගිවිසුම්, පොරොන්දු පත්‍ර හෝ වෙනත් ක්‍රමයකින් තවදුරටත් මහජනතාවගෙන් තැන්පතු භාර නොගන්නා ලෙසත්, ඉතිරිව ඇති සියලු තැන්පතු වගකීම් ආපසු ගෙවන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ පුද්ගලයාට නියෝග කර තිබේ.













