කොටවිල ක්‍රීඩාංගණයේදී ඊයේ (16) පැවති ශ්‍රී ලංකා පොලිස් දකුණු පළාත් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා තරගාවලියේදී ලකුණු 128ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට මාතර දිස්ත්‍රික් පොලිස් කණ්ඩායම සමත්ව තිබෙනවා.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ මඟපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් පොලිස් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වී තිබෙනවා.
දකුණු පළාතේ පොලිස් කොට්ඨාස අතරින් මාතර නාමය ඉහළට ඔසවා තබමින් මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ලබාගත් මාතර දිස්ත්‍රික් පොලිස් මලල ක්‍රීඩා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම් පිරිනැමෙනවා.














