සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් ෆාදල්ඩීන් හෙවත් “ශාරුක්ඛාන්” නමැත්තාට අයත් රුපියල් කෝටි 9කට අධික වටිනාකමකින් යුත් දේපළ තහනම් කර තිබෙන බව නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ ජාල වංචා විමර්ශන ඒකකය සඳහන් කරයි.
ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම දේපළ තහනම් කර ඇති අතර, සැකකරු 48 හැවිරිදි වත්තල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ලබාගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී නිවාස දෙකක් ඇතුළු නිවාස හයක් සහ මෝටර් රථයක් ඇතුළු දේපළ මෙලෙස තහනම් කර තිබේ.














