ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (17) සිය 76 වැනි ජන්ම දිනය සමරයි. ඔහු 1950 සැප්තැම්බර් 17 වැනිදා ගුජරාට් ප්‍රාන්තයේ වඩ්නගර්හිදී උපත ලබා තිබේ.
2024 ජූනි 9 වැනිදා තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මෝදි, මේ වනවිට එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ජනතාව අතරද ඔහු වෙත සුබපැතුම් එක් කෙරෙමින් පවතින අතර, අද දිනයේදී ඔහු SEMICON India 2026 උත්සවය ද විවෘත කිරීමට නියමිතය.














