ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) ලබන සැප්තැම්බර් 22 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති අතිරේක ලේකම් සහ එහි ප්‍රධානී සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි. කැබිනට් අනුමැතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම මධ්‍යස්ථානයේ අරමුණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන රාජ්‍ය ආයතන සම්බන්ධ ප්‍රමාද සහ බාධා විසඳීමයි.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන NBFC මඟින් ඉඩම් ලබාදීම, ව්‍යාපෘති සංවර්ධනය, පාරිසරික අනුමැතීන්, නියාමන බලපත්‍ර, විදුලි හා ජල පහසුකම් මෙන්ම මූල්‍ය පහසුකම් ලබාගැනීම සම්බන්ධ ගැටලු සඳහා රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සිදු කිරීමට නියමිතය.
මෙහි පළමු අදියරේදී ව්‍යවසායකයන් මුහුණ දෙන නියාමන, නීතිමය සහ ප්‍රතිපත්තිමය ගැටලු විසඳීමට අවධානය යොමු කෙරෙන අතර, දෙවැනි අදියරේදී ව්‍යාපාරික සැලසුම් නොමැති ආයෝජකයන්ටද එක් ස්ථානයකින් අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමට සැලසුම් කර තිබේ. මධ්‍යස්ථානය කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටුවීමට නියමිතය.














