හොරගොල්ල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරුට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් බියගම ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලීමකදී, රුපියල් කෝටි 4යි ලක්ෂ 25ක මිලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු දෙකක් සමඟ හිඟුරක්ගොඩ, දොඩංදූව සහ හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත සත්ව කොටස් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම තහනම් කර ඇති අතර, සැකකරුවන් සහ නඩු භාණ්ඩ එළඹෙන 23 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















