ශ්රී ලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්රධාන විධායක නිලධාරී ලෙස විපුල් මිස්රා මහතා 2026 සැප්තැම්බර් 9 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි පත්කර තිබෙනවා.
ගුවන් යානා ඉංජිනේරු සහ ගුවන් සේවා නායකත්ව ක්ෂේත්රයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති මිස්රා මහතා Air India, Vistara, IndiGo, SpiceJet, Kingfisher Airlines සහ Air Deccan ඇතුළු ගුවන් සමාගම් රැසක සේවය කර තිබෙනවා.
ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ ඔහුගේ තාක්ෂණික හා මෙහෙයුම් අත්දැකීම් මගින් මෙම අන්තර්කාලීන කාලසීමාව තුළ සමාගමේ කාර්යසාධනය සහ දිගුකාලීන තිරසාරභාවය ඉහළ නැංවීමට සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.















