රුපියල් මිලියන 28 බැගින්, රුපියල් මිලියන 56ක සමස්ත වියදමින් ඉදිකළ මුලතිව් සහ යාපනය කයිතඩි නව තැපැල් කාර්යාල ගොඩනැගිලි පිළිවෙළින් සැප්තැම්බර් 18 සහ 19 යන දිනවල ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
මීට අමතරව රුපියල් මිලියන 32ක වියදමින් ඉදිකිරීමට නියමිත පුතුකුඩියිරුප්පු නව තැපැල් කාර්යාලය සඳහා සැප්තැම්බර් 18 වැනිදා මුල්ගල තැබීමට නියමිත අතර, එහි ඉදිකිරීම් 2027 අප්‍රේල් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් නවීකරණ වැඩසටහන යටතේ නව තැපැල් හා උප තැපැල් කාර්යාල ඉදිකිරීම, පවතින ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සහ CCTV පද්ධති, පරිගණක, ටැබ් පරිගණක හා වාහන ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් පවතිනවා.
















