කාසල්රී ජලාශය පෝෂණය කරන ජල මාර්ගයකට සම්බන්ධ නෝර්වුඩ් ෆෝට්ට්රී වතුයායේ ඇළක් හරස් කරමින් සිදුකරගෙන ගිය මහා පරිමාණ අනවසර මැණික් ගැරීමේ ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර භූමියේ සඟවා තිබූ අධිබලැති ජල මෝටර් 6ක් සහ මැණික් ගැරීමට භාවිත කළ උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. අනවසර ලෙස ඉදිකර තිබූ ජල බාධක ඉවත් කර ජල ප්රවාහය යථා තත්ත්වයට පත් කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඇළ මාර්ගය හරස් කර විශාල වළවල් හාරමින් සිදුකර ඇති අනවසර මැණික් ගැරීම් හේතුවෙන් ප්රදේශයේ පරිසරයට හානි සිදුව ඇති බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
















