දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබියදීත්, අද (17) දිනයේ බොහෝ දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වර්ජනය සැප්තැම්බර් 16 වැනිදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර ඇති අතර, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන එය ක්‍රියාත්මක කර තිබේ.
කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නතර වී ඇති අතර, ඇතැම් දුම්රිය ස්ථාන වසා තිබූ බව වාර්තා වේ. ඒ හේතුවෙන් ධාවනය වූ ඇතැම් දුම්රියවල මගීන්ට ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීමට සිදුව ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් රජයට ආදායම් අහිමිවීමක් සිදුවන බවද වාර්තා වේ.
මේ අතර, දුම්රිය සේවා විශාල වශයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් වර්ජනය අපේක්ෂිත බලපෑමක් ඇති කර නොමැති බවට ඇතැම් දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කාර්යාල හා පාසල් දුම්රිය ඇතුළු සේවා ක්‍රියාත්මක කරමින්, දිගු දුර දුම්රිය සේවාද පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.














