ගල්කිස්ස කොට්ඨාස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ දරුණු අපරාධකරුවන්ට එරෙහිව සිදු කරන අඛණ්ඩ හා සාර්ථක වැටලීම් හමුවේ, ඔහු තනතුරෙන් පහ කිරීමට එක්තරා නිලධාරීන් කිහිප දෙනෙකු සාවද්‍ය තොරතුරු ඉහළට යවමින් කුමන්ත්රණයක නිරත වන බවට විශ්වාස කටයුතු තොරතුරු එම ආරංචි මාර්ග සදහන් කරයි.
මෑත කාලීනව රටම කතා කළ දෙහිවල පාසල් සිසුන් දෙදෙනෙකුට බෝම්බ ගැසීමේ සිද්ධිය, ගල්කිස්සේ පෙට්ල් දමා පුද්ගලයකු අමනුෂ්‍ය ලෙස ඝාතනය කිරීම සහ ආන්දෝලනාත්මක ‘භූත කළුවා’ ඝාතන මෙහෙයුම ඇතුළු ප්‍රධාන අපරාධ රැසක සැකකරුවන් ප්‍රථම වරට අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරියා ප්රමුඛ D.C.D.B. කණ්ඩායම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යට නොවී, පොලිස් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරන මෙවැනි අවංක නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන සාවද්‍ය තොරතුරු පිටුපස සිටින නීති විරෝධී බලවේග පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ජාතික ආරක්ෂාව උදෙසා මෙවැනි දක්ෂ නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.














