මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
අනුරාධපුරයේ ඉදිකර ඇති බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මෙගාවොට් 10ක ධාරිතාවකින් සමන්විත වන අතර, මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම එහි ප්‍රධාන අරමුණයි.
මේ අතර දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකර ඇති දියජනනි පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය මගින් මෙගාවොට් 5ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය.
එමගින් නිවාස 10,000කට පමණ විදුලි බලය සැපයීමට හැකියාව ලැබෙන බව සඳහන් වන අතර, පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ.














