දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවති අවස්ථාවේ දුම්රිය සේවා හැකි උපරිමයෙන් පවත්වාගෙන යාමට දායක වූ නිලධාරීන් සහ සේවකයන්ගේ කැපවීම අගය කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
දුම්රිය වෘත්තීය සමිති රැසක් සැප්තැම්බර් 17 සහ 18 දිනවල පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර, එම ක්‍රියාමාර්ගය අතරතුරද කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සේවා රැසක් පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
අසීරු තත්ත්වය හමුවේ මහජන ප්‍රවාහන සේවය පවත්වාගෙන යාමට දායක වූ සේවකයන්ගේ කැපවීම අගය කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.














