මාතලේ, ගලේවෙල, අරංගල, වත්තේගම සහ උකුවෙල පිහිටි බලවේග පේෂකර්ම ව්‍යාපාර පහක් පෞද්ගලික සමාගමකට වසර 99ක බදු පදනම මත ලබාදී තිබුණද, එම ව්‍යාපාර වසර 10ත් 15ත් අතර කාලයක් වසා දමා තිබූ බව ජාතික විගණන කාර්යාලය උපුටා දක්වන වාර්තාවක සඳහන් වේ.
එම ඉඩම් සඳහා අයවිය යුතු හිඟ බදු මුදල් අයකර නොතිබීම හේතුවෙන් රජයට ලැබිය යුතු රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් හිඟව පැවති බවද එම වාර්තාවේ සඳහන් වේ.
පේෂකර්ම කර්මාන්ත දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිදුකර ඇති විගණනවලදී ආදායම් අයකර ගැනීම සහ රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.














