බිංගිරිය ශ්රී දේවගිරි රජමහා විහාරස්ථානයේ බිනර මහා පෙරහැර හේතුවෙන් හලාවත – කුරුණෑගල ප්රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
ඒ අනුව හෙට (19) රාත්රී 7.00 සිට 9.00 දක්වා පෙරහැර හලාවත – කුරුණෑගල මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතය.
එම කාලය තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.














