අන්දමන් දූපත්වලට උතුරු දෙසින් බංග්ලාදේශ බොක්ක ප්‍රදේශයේ පවතින වායුගෝලීය කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපය තුළ බංග්ලාදේශ බොක්කේ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම ඇතැම් ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 55ත් 65ත් දක්වා තවදුරටත් ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වීමට ඉඩ ඇත. එබැවින්, අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන නාවික සහ ධීවර ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් ඉල්ලා සිටී.














