පාස්කු ඉරුදින ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද යන්න පිළිබඳ නියෝගය නොවැම්බර් 27 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෝසම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇති අතර, අදාළ පාර්ශ්වයන්ට ලිඛිත දේශන ඇත්නම් ලබන මස 20 වැනි දාට පෙර ගොනු කරන ලෙසද නියම කර තිබේ.














