විදෙස් දූත මණ්ඩල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාතේ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරයක් අද (18) ආරම්භ විය. විදේශ කටයුතු, විදේශ රැස්වීම් සහ සංචාරක අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම දින තුනේ සංචාරය සඳහා කොළඹ හිල්ටන් හෝටලයෙන් පිටත්ව ගිය තානාපතිවරුන් පිරිස පාසිකුඩා අනන්තයා රෝයල් රිසෝට් වෙත ළඟා වී තිබේ.
මෙම සංචාරය හරහා නැගෙනහිර පළාතේ සුවිශේෂී සංස්කෘතික, සමාජීය සහ ආර්ථික වටිනාකම් මෙන්ම එහි ඇති සංචාරක විභවය ජාත්‍යන්තර ප්‍රජාව වෙත ප්‍රදර්ශනය කිරීම අරමුණු කර ඇත. ඒ යටතේ පාසිකුඩා වෙරළ තීරයේ සංචාරය කිරීමෙන් පසු කුඩා හා මධ්‍ය පරිමාණ අත්කම් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනයක් නැරඹීමටද ඔවුන් කටයුතු කළ අතර, හෙට (19) දින එරාවුර් අපනයන සැಸ್ಕරුම් කලාපය, සේරුවාවිල රජමහා විහාරය සහ ත්‍රිකුණාමලය කොනේස්වරම් හින්දු කෝවිල වෙත යාමට නියමිතව තිබේ.














