වත්මන් ආණ්ඩුව තනි පක්ෂ ක්‍රමයකට රට රැගෙන යාමට සූදානම් වන බවට චෝදනා කරමින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වැනිදා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තු මංසන්ධිය අසලට පැමිණෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංවිධාන කර තිබූ වැඩසටහනකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කර ඇත.
මෙම විරෝධතා ව්‍යාපාරය හරහා ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි ජනතා මතයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන අතර, රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සියලු විපක්ෂ බලවේග එකමුතුව ක්‍රියාත්මක වන බවද එම නියෝජිතයින් අවධාරණය කර තිබේ.














