මාතර පරිපාලන නගරය අනිවාර්යයෙන්ම කොටවිලට ගෙන යන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා අද (20) අකුරැස්ස නගරයේ පැවති ජන රැලියක් අමතමින් ප්‍රකාශ කර තිබේ.
විවිධ ආණ්ඩු යටතේ පසුගිය වසර 15ක් තිස්සේ ප්‍රමාද වූ මෙම කටයුත්ත වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කරන බව හ හදුන්නෙත්ති මහතා සඳහන් කර ඇත. තවද, මාතර දිස්ත්‍රික්කයේ මහාමාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් මෙම වසර තුළ පමණක් රුපියල් කෝටි 334ක මුදලක් වෙන් කර ඇති බවත්, එය මේ දක්වා ආණ්ඩුවක් එක් දිස්ත්‍රික්කයකට වෙන් කළ වැඩිම මුදල බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.













