අද (21) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුකුලේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය මිලිමීටර් 206ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
මේ අතර, නෝර්ටන් ප්‍රදේශයට මිලිමීටර් 134ක සහ කුලියාපිටිය ප්‍රදේශයට මිලිමීටර් 126ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.













