ඉදිරියේදී එල්ල වන ඕනෑම හමුදාමය ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් මෙතෙක් එළිදක්වා නොමැති අතිනවීන හමුදාමය ආයුධ පද්ධති සහ තාක්ෂණයන් ප්‍රහාර සඳහා භාවිතා කරන බවත්, එමගින් මුළු ලෝකයම කම්පනයට සහ තැතිගැන්මට ලක්වනු ඇති බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබේ.
Al-Alam නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී IRGC ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් හොසේන් මොහෙබි සඳහන් කර ඇත්තේ, ඉදිරි යුදමය ගැටුමකදී ඉරානය සිය උපායමාර්ගික භූගෝලීය සීමාවන් මෙන්ම ආයුධ භාවිතයද සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යොමුකරන බවයි. සතුරන් විසින් මෙතෙක් අනුමාන නොකළ සහ මීට පෙර ඉලක්ක නොකළ නව හමුදාමය ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව පැවසූ ඔහු, IRGC බලකාය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට මැදිහත් නොවී මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින බවද වැඩිදුරටත් අවධාරණය කළේය.













