මෙතෙක් වතුකරයේ ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් කටයුතු කළ තොන්ඩමන්, දිගම්බරම් සහ රාධාක්‍රිෂ්ණන් යන දේශපාලඥයින් වතුකරයෙන් සහ රටින් පන්නා දමන්නේ වතුකරයේ තරුණ ප්‍රජාව ජාතික ජන බලවේගය සමග එක්ව බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා අවධාරණය කර ඇත.
කොටගල රිතිෂ් ශාලාවේ පැවති තරුණ සම්මේලනයක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් නංවාලීමට වැඩි මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, මේ වසර අවසන් වන විට වතුකරයේ වැඩිම නිවාස ඉදි කිරීම් සහ පානීය ජල පහසුකම් ලබා දීම ඇතුළු සංවර්ධන කටයුතු සිදු කර අවසන් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.













