සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ තරුණ සමුළුව ඊයේ (20) දින හැටන් කොටගල රිතිෂ් ශාලාවේදී පවත්වා තිබේ.
වතුකරය නියෝජනය කරමින් විශාල තරුණ තරුණියන් පිරිසක් සහභාගී වූ මෙම සමුළුව අතරතුර, ඔවුන් විසින් විවිධ නර්තනාංග සහ සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කර ඇත. මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්වී තිබේ.













