උතුරු සහ නැගෙනහිර පළාත්වල ඓතිහාසික බෞද්ධ ස්ථානවලට සිදුවන බෙදුම්වාදී කෙණෙහිලිකම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කරමින් “සුරකිමු ලංකා මෙල්බර්න් එකමුතුව” විසින් 2026 සැප්තැම්බර් 20 දිනැතිව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම, වඩුන්නාගල සහ කින්නියා සිද්ධස්ථාන සම්බන්ධයෙන් අධිකරණ හමුවේ විභාග වන ප්‍රතිසංස්කරණ කටයුතු සහ බෞද්ධ ජනතාවගේ වන්දනාමාන අයිතීන් සුරක්ෂිත කරන ලෙසත්, බාහිර බලපෑම්වලින් තොරව බෞද්ධයන්ට තම වන්දනාමාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් එමඟින් රජය වෙත බල කර ඇත. මෙම නිවේදනයේ පිටපත් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්වරුන් වෙතද යොමු කර තිබේ.













