2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව හෙට (22) ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියමිතව තිබෙනවා.
නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකුට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුවේදී විත්තිකරුවන්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය, තියුණු ආයුධ සහ ගිනි අවි ඇතුළු භාණ්ඩ 2,076ක් නඩු භාණ්ඩ ලෙස නම් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයන් 274 දෙනෙකු මියගොස් තවත් 577 දෙනෙකු තුවාල ලබා තිබුණා.
මේ අතර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රීවරුන් දසදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.













