විසි වැනි ආසියානු ක්රීඩා උලළේ අද (21) පැවති බොක්සිං මූලික තරගයකදී ශ්රී ලංකාවට ජයග්රහණයක් හිමිව තිබෙනවා.
පිරිමි කිලෝග්රෑම් 70 බර පන්තියේ තරගයකදී ශ්රී ලංකාව නියෝජනය කළ ලහිරු චන්ද්රබණ්ඩාර, යේමන ක්රීඩකයෙකු වට 4-1ක් ලෙස පරාජයට පත් කරමින් මෙම ජයග්රහණය හිමිකරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අද පැවති අනෙකුත් තරග ඉසව්වලදී ශ්රී ලංකාවට ජයග්රහණ හිමිවී නොමැති බව සඳහන්.













