මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ විශාල ගසක් අද (21) හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන දෙකකට හානි සිදුව තිබෙනවා.
අනතුරින් එම වාහනවල ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්. ගසට යටවූ වාහන දෙකෙන් එකක් වෛද්‍යවරයෙකුට අයත් බවද වාර්තා වනවා.
ගස කඩා වැටීමත් සමඟ ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.













