“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වල 2026 සැප්තැම්බර් 20 වැනිදාට අදාළ දෛනික වාර්තාව නිකුත් කර තිබෙනවා.
2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, ඉල්ලුම අවම කිරීම, ජාවාරම් මැඩපැවැත්වීම සහ ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමයි.
වාර්තාවට අනුව, මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 859ක් ලෙස සඳහන් වනවා. නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීම සහ පුනරුත්ථාපනයට යොමු කිරීමද මෙහෙයුමේ කොටසක් ලෙස ක්‍රියාත්මක වනවා.












