මෙරට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නිෂ්පාදකයෙකු වන සුනිල් ටී. ප්‍රනාන්දුගේ 74 වන සිනමා නිෂ්පාදනය වන ‘ජිගලෝ’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැති තරංගනී සිනමා ශාලා පරිශ්‍රයේදී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
වාර්තා වන අන්දමට, මුහුරත් උළෙලෙන් පසු පවත්වන ලද සාදයේදී අධික ලෙස මත්පැන් පානය කර ඇති ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ‘පානදුරේ ලාල්’ නැමැත්තා විසින් චිත්‍රපටයේ රංගනයේ නියැලෙන නිළියන් සහ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මෙන්ම රන්ජන් රාමනායක යන මහත්වරුන් ඉලක්ක කරගනිමින් අපහාසාත්මක චෝදනා එල්ල කර ඇත. මේ සම්බන්ධයෙන් උත්සව සභාවේ සිටි පිරිස සමඟ උණුසුම් බහින්බස් වීමක් හටගෙන ඇති අතර, පසුව එය දුරදිග ගොස් අදාළ පුද්ගලයාට පහරදීමේ සිදුවීමක්ද වාර්තා වී තිබේ. ලාල් සහ සුනිල් ටී එකම පන්තියේ මිතුරන් හෙයින් පානදුරේ ලාල් වෙත මෙම අවස්ථාව සදහා ආරාධනා කර ඇති අතර අවසානයේදී එහි සංවිධායකයන් විසින් ලාල්ට ගුටි බැට පුජාවක් පවත්වා තිබුණි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම අතරතුර යූ.ඒ. පල්ලියගුරුගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘ජිගලෝ’ චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වෙමින්ඇත. නීටා ප්‍රනාන්දු, රැන්ඩි සෙනෙවිරත්න, දිල්රුෆා ශානාස්, ජනක කුඹුකගේ, අසංකී ද සිල්වා, සචින් ලියනගේ, විරාජ් පෙරේරා, රුක්ෂානා දිසානායක, මානෙල් වානගුරු, ගීතා කාන්ති ජයකොඩි, දයාසිරි හෙට්ටිආරච්චි, නිශාදී හේමමාලි, ඉලංකා ප්‍රනාන්දු සහ සෆීකා අලී ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙහි චරිත සඳහා දායක වී තිබේ.













