ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වී වසර දෙකක් සපිරීම නිමිත්තෙන්, ‘ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි’ යන තේමාව යටතේ තලවකැලේ ලිදුල නගර සභා බල ප්‍රදේශයේ රුපියල් මිලියන 23ක ප්‍රතිපාදන යටතේ සංවර්ධන කටයුතු රැසක් අද (21) ආරම්භ කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කර ඇති අතර, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය පුළුල් කිරීම, දෙව්සිරිපුර 1 වන පටුමග, ගුණානන්දපුර 1 වන පටුමග සහ ලිදුල කෝවිල් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී සිදු කෙරේ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි සහ තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති මලිදුව ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.













