රුසියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු 90%කට වඩා අවසන් වී ඇති අතර, ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ‘යුනයිටඩ් රුසියා’ පක්ෂය අතිවිශාල ජයග්රහණයක් කරා ගමන් කරමින් සිටින බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
යුක්රේන ආක්රමණයෙන් පසු පැවැති මෙම පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පහළ මන්ත්රී මණ්ඩලය වන ‘ස්ටේට් ඩූමා’ හි බලය තහවුරු කරගැනීමට පුටින්ගේ පක්ෂය සමත්ව ඇත. දැඩි රාජ්ය පාලනයක් සහ සීමිත විපක්ෂ නියෝජනයක් යටතේ පැවැති මෙම මැතිවරණයේදී යුද්ධයට විරුද්ධ වූ අපේක්ෂකයින්ට තරග කිරීම තහනම් කර තිබූ අතර, ලිබරල් ‘යබ්ලොකෝ’ පක්ෂ නායක නිකොලායි රයිබකොව් ඇතුළු පිරිසක් ඡන්ද පත්රිකාවේ “සාමය උදෙසා” යන තේමාව සටහන් කරමින් සිය විරෝධය පළ කර තිබිණි.













