ඊශ්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා අඩුවී ඇත්තේ එම රැකියා පෞද්ගලික ඒජන්සිවලට ලැබෙන නිසා යැයි මතයක් පැතිර ගියද, එය සම්පූර්ණයෙන්ම වැරදි සහ ජනතාව නොමග යවන ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන පිරිසක් අමතමින් සභාපතිවරයා මේ බව සඳහන් කළ අතර, වසරක් තුළ ශ්‍රී ලංකාවෙන් ලක්ෂ 3ක් පමණ නීත්‍යානුකූලව විදේශ රැකියා සඳහා පිටත්ව යන බවත්, රජය මැදිහත් වී ඊශ්‍රායලයට 5000ක්, කොරියාවට 5000ක් සහ ජපානයට 1000ක් ලෙස වාර්ෂිකව 11,000ක් පමණ යවන අතර ඉතිරි 114,000ක පිරිස ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන සහ ස්වයං මාර්ග ක්‍රමවේද හරහා විදේශගත වන බවත් පෙන්වා දුන්නේය. තවද, විගමනික ප්‍රේෂණ 2026 වන විට බිලියන 09 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විදේශගතව සිටියදී මියයන ශ්‍රමිකයන්ගේ පවුල් සඳහා ලබාදෙන රක්ෂණ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.













