උඩරට දුම්රිය මාර්ගයේ සුවිශේෂී දුම්රිය නැවතුම් ස්ථානයක් වන ලෝක ප්රසිද්ධ දෙමෝදර දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් තවදුරටත් පුළුල් කර තිබේ.
ජනප්රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති දෙමෝදර සංචාරක ගම්මානයේ මෙම දුම්රිය ස්ථානය වෙත මගින් දිගුකාලීනව අපේක්ෂා කළ ඔන්ලයින් ක්රමයට ප්රවේශ පත්ර ලබා ගැනීම සහ ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම මේ වන විට ලබා දී ඇත. ඇල්ල සංචාරක පුරවරය ආශ්රිතව නවාතැන් ගන්නා විදෙස් සංචාරකයින් උදෑසන කාලයේදී දෙමෝදර දුම්රිය ස්ථානයට පැමිණ රේල් ගැටය ආශ්රිතව දුම්රිය ගමන් කරන ආකාරය නැරඹීමටත්, එལෙසම ඇල්ල, හපුතලේ සහ නානුඔය දක්වා දුම්රියෙන් ගමන් කරමින් අවට අසිරිය විඳීමටත් දැඩි උනන්දුවක් දක්වන අතර, අන්තර්ජාලය හරහා ප්රවේශ පත් හා ආසන වෙන්කරවා ගැනීමට හැකිවීම සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය වීමට හේතු වනු ඇත.













