ශ්‍රී ලංකා පොලීසිය සංයුක්ත සේවාවක් බවට පත්කිරීම සහ ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පොලීසිය දෙපාර්තමේන්තුවක් වීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම් ඇතුළු පහසුකම් ලබාදීමේදී දෙපාර්තමේන්තු නියෝගවලට අනුව කටයුතු කිරීමට සිදුව තිබීමත්, අනෙකුත් දෙපාර්තමේන්තු වලින් ඊට එල්ල වන බලපෑම් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට අවධානය යොමුව ඇත. මීට පෙර 2002 වසරේදී එවක පොලිස්පති ආනන්ද රාජා මහතාගේ සමයේදීද පොලීසිය බලකායක් බවට පත් කිරීමට උත්සාහ දරා තිබුණද එය ව්‍යාර්ථ වී ගියේය.
















