සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාමාර්ග හරහා මරණ දණ්ඩනයට මුහුණ දී සිටින ශ්‍රී ලංකික ජාතික සිවරාස අනුජන් වෙත මානුෂීය පදනම මත සමාව ලබා දී ඔහුගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්මමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන පහක් එක්ව සෞදි අරාබි නායකත්වය වෙත ඒකාබද්ධ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, දකුණු ආසියානු මාධ්‍යවේදිනියෝ සංවිධානය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය යන ආයතන මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත.
සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ගෞරව කරන බව පවසන අදාළ මාධ්‍ය සංවිධාන, ඉස්ලාම් දහම තුළ දයාවට, සමාව දීමට සහ කරුණාවට හිමි වන වැදගත්කම පෙන්වා දෙමින් මෙම ඉල්ලීම සිදු කර ඇත. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නිරන්තරයෙන් අවධානය යොමු කර ඇති අතර, අනුජන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි සෑම මානුෂීය හා රාජ්‍යතාන්ත්‍රික පියවරක්ම ගන්නා ලෙසට රජයෙන්ද ඉල්ලා සිටී.
















