දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නාවලපිටිය, උලපනේ ගඩොල් බෝක්කුව අසල මහා මාර්ගය සහ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය. සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නායයෑමට ලක්වී විනාශ වූ කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 386ක් වෙන් කර ඇති අතර, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර දෙසැම්බර් මසට පෙර උඩරට හරහා බදුල්ල දක්වා දුම්රිය ධාවනය යථා පරිදි ආරම්භ කිරීමට සූදානම් වන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
















