ජනප්‍රිය Netflix තරුවක් වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන් තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස නොව කැනේඩියානු ජාතිකයෙකු සහ ඊළාම් දෙමළ පසුබිමක් සහිත අයෙකු ලෙස හැඳින්වීම හේතුවෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් මතුව තිබේ. ඇයගේ Instagram සටහන් සහ Netflix හි ‘Best of the Best’ චිත්‍රපටය සම්බන්ධයෙන් පළ කර ඇති සටහන් යටතේ මෙම අදහස් හුවමාරු වෙමින් පවතියි. ශ්‍රී ලංකාවෙන් පැමිණි දෙමාපියන් සිටියදී තම මව්බිමේ සැබෑ අනන්‍යතාව ප්‍රතික්ෂේප කර එය ලෝකය හමුවේ වැරදි ලෙස නිරූපණය කිරීම පිළිගත නොහැකි බවට ඇතැම් පිරිස් දැඩි ලෙස විවේචනය කර තිබේ. කෙසේ වෙතත්, තවත් පිරිසක් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ සංස්කෘතික පසුබිම සහ අනන්‍යතාව කුමක්ද යන්න තමා විසින්ම තීරණය කිරීමට ඔහුට හෝ ඇයට පූර්ණ අයිතියක් ඇති බවයි. සැප්තැම්බර් 18 වැනිදා ඇයගේ නවතම චිත්‍රපටය නිකුත් වීමත් සමඟ මෙම මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති බව වාර්තා වේ.
















