ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඩෙන්මාර්කයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය කොන්සියුලර් සේවාවන් පහසුවෙන් ලබාදීමේ අරමුණින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී විශේෂ ජංගම කොන්සියුලර් සේවාවක් සාර්ථකව පවත්වා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එදින ඩෙන්මාර්කයේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රධාන කොන්සියුලර් සේවා ලබා ගැනීමට තානාපති කාර්යාලීය නිලධාරීන්ගේ සහය හිමිව තිබේ. ඒ අනුව උප්පැන්න ලියාපදිංචිය, ගමන් බලපත්‍ර (පාස්පෝර්ට්) අලුත් කිරීම, ද්විත්ව පුරවැසි අයැදුම්පත් භාරගැනීම සහ නීතිමය ලියකියවිලි සහතික කිරීම ඇතුළු සේවාවන් රැසක් එහිදී ඉටු කර දී ඇත.
















