මස්කෙළිය පොලිස් වසමට අයත් මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි ගාඩ්මෝර් ප්‍රදේශයේ පෞද්ගලික වතුයායක හටගත් දැවැන්ත නායයෑමක් සමඟ එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව තිබේ. ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ගල් කන්ද වතුයායේ විශාල කොටසක් සහ ප්‍රධාන පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටීම නිසා කලාපයේ ජන ජීවිතය දැඩි ලෙස අඩාල වී ඇත.
නායයෑමේ අවදානම ඉහළ යාම සහ නායගිය කොටසට ඉහළින් පිහිටි වතු නිවාස පෙළෙහි බරපතල අනාරක්ෂිතභාවය සැලකිල්ලට ගනිමින්, වතු පාලන අධිකාරිය වහාම ක්‍රියාත්මක වී අදාළ පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, වතුයායට පිවිසෙන එකම ප්‍රධාන මාර්ගයද අවහිර වී තිබීම නිසා පදිංචිකරුවන් හදිසි අවශ්‍යතා සහ ගමනාගමන පහසුකම් අහිමි වීමෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරි අවදානම් තත්ත්වයන් පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත සිදුවූ හානිය පිළිබඳව වමෙන් දැනුම් දී ඇති අතර, විශේෂඥ කණ්ඩායම්වල නිර්දේශ මත ඉදිරි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ වතු පාලධිකාරිය ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.
















