චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකාවේ රටවල් 53ක් සඳහා සියලුම භාණ්ඩ තීරුබදු වලින් නිදහස් කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර අප්‍රිකානු කලාපයේ අඩු සංවර්ධිත රටවල් 33කට පමණක් හිමිවී තිබූ මෙම අවස්ථාව, දකුණු අප්‍රිකාව, නයිජීරියාව, ඊජිප්තුව, කෙන්යාව සහ මොරොක්කෝව ඇතුළු තවත් අප්‍රිකානු ආර්ථිකයන් 20ක් සඳහාද මේ වන විට විවෘත කර තිබේ. දිගුකාලීන ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා අවසන් වනතුරු මූලික වශයෙන් වසර දෙකක කාලයක් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, පසුගිය මැයි මස 1 වැනිදා සිට මෙම ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය බලාත්මක කර ඇත.
කෙසේ වෙතත්, තීරුබදු ඉවත් කිරීමෙන් පමණක් එහි ප්රතිලාභ අප්‍රිකානු රටවලට නොලැබෙන බවත්, වෙළෙඳ ගනුදෙනු අසමතුලිතතාව පාලනය කළ යුතු බවත් චීන – අප්‍රිකා ආර්ථික සංසදයේ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරේ. එහි වාර්තාවකට අනුව 2024 වන විට දෙපාර්ශ්වය අතර වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 275ක් දක්වා වර්ධනය වී ඇති නමුත්, අප්‍රිකානු කලාපය ඩොලර් බිලියන 182ක පමණ භාණ්ඩ චීනයෙන් ආනයනය කරන අතරවාරයේ අපනයනය කරනු ලබන්නේ ඩොලර් බිලියන 93ක පමණ වටිනාකමකින් යුතු භාණ්ඩ ප්‍රමාණයක් පමණක් බව වාර්තා වේ.















