පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයන් 1,616 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පසුගිය 18 වැනිදා සිට අද දක්වා කාලය තුළ එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 26කට අයත් පුද්ගලයන් 94 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක රඳවා තිබෙනවා.
මේ අතර, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. නිල්වලා සහ ගිං ගංගා ආශ්රිත ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම් තවමත් ඉහළ මට්ටමක පවතින බැවින් පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසද දැනුම් දී තිබෙනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද සවස් සහ රාත්‍රී කාලයේ වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. හෙට සහ අනිද්දා ද වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති විය හැකි බැවින්, වැසි සහ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල මෙන්ම නායයෑමේ අවදානම් ප්‍රදේශවල ජනතාව ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙනවා.













