පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුව විසින් මීට පෙර ප්‍රකාශ කරන ලද විවිධ පොරොන්දු සහ කතා උපහාසාත්මක අයුරින් මෙන්ම සිනහවට ලක් කරමින් පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර තිබේ. විවිධ සංවර්ධන හා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දෙන බව පවසමින් රජය කළ ප්‍රකාශ විවේචනය කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී යම් යම් තාක්ෂණික ක්‍රම මගින් බොත්තමක් එබූ පමණින් හෙදියන් (නර්ස්) නිවසටම ගෙන්වා ගැනීමට හැකි වන ආකාරයට රටේ සෞඛ්‍ය සේවය සංවර්ධනය කරන බවට ඇතැමුන් පැවසූ බවයි.













