මැදවච්චිය වනජීවි අඩවියේ නිලධාරීන් සිදුකළ රාත්රී මුර සංචාරයකදී, නාගදර්ණැව ප්රදේශයේදී වන සතෙකුගේ පෙනීම මුලා කිරීම සඳහා කෘත්රිම ආලෝකය (විදුලි පන්දම්) භාවිත කළ පුද්ගලයෙකු පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු පසුදින මැදවච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 20,000ක දඩයක් නියම කර තිබෙනවා.
එමෙන්ම, පසුගිය 21 වැනිදා සිදුකළ රාත්රී මුර සංචාරයකදී නාගදර්ණැව ප්රදේශයේදී නීතිවිරෝධී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්රියාත්මකයි.
















