නාගරික හා පහත් බිම් ප්‍රදේශවල ගංවතුර අවදානම අවම කිරීම, ජලාපවහන පද්ධති නඩත්තු කිරීම සහ ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 625ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇති අතර, සංස්ථාවේ අරමුදල්ද යොදා ගනිමින් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට නියමිතයි.
රුපියල් මිලියන 1,233ක මුළු ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් මෙම මිලදී ගැනීම් සිදුකිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි අනුමැතිය ලබාදී ඇත්තේ.















