ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රණය කළ පොලිකාබනේට් කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව ජර්මනියේ M/s Muhlbauer ID Services GmbH සමාගමට පිරිනමා තිබෙනවා.
2025 අප්‍රේල් මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 8ක් ඉදිරිපත් වී තිබෙනවා. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ ඇගයීමෙන් අනතුරුව අදාළ සමාගම තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
යුරෝ මිලියන 4.93ක වටිනාකමකින් යුත් මෙම කොන්ත්‍රාත්තුව යටතේ කාඩ්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සැපයීමට නියමිතයි.
















