මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබෙනවා.
මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත අධිකරණ සේවා නිලධාරීන් තිදෙනෙකු හෙට (23) මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිතයි.
ඒ අනුව පෙරුමාල් සිවකුමාර් මහතා, ආනන්දි කනගරත්නම් මෙනෙවිය සහ ඤාණේස ලලිත් කන්නන්ගර මහතා මෙලෙස පත් කිරීමට නියමිත බව සඳහන්.
















