ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය වෙත ප්‍රවේශ විය හැක්කේ 4G ජාල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ අනුව දිවයින පුරා සන්නිවේදන කුලුනු 10,000ක් ඉදිකිරීමේ වසර තුනක ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ. මේ වන විට කුලුනු 573ක් ඉදිකිරීමට අදාළ ස්ථාන හඳුනාගෙන කටයුතු ආරම්භ කර තිබෙනවා.
එක් කුලුනක් ඉදිකිරීමට රුපියල් මිලියන 35ක් සහ විදුලි සැපයුම සඳහා තවත් රුපියල් මිලියන 5ක් ඇතුළුව රුපියල් මිලියන 40ක පමණ මුදලක් වැය වන බවත්, සමස්ත ව්‍යාපෘතියට රජය රුපියල් බිලියන 9ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
















